කොළඹ දකුණ හමුවේ නුවර පසුබසියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 15න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඉකුත්දා පැවැති තරගයකින් ජය ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.

ඒ නුවර කණ්ඩායම ලකුණු 88කින් පරාජය කරමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 15 පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මැලේ ක්‍රීඩාංගණයේදී ඉකුත්දා පැවැත්වුණේ කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ දකුණ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස් කිරීමට සමත්වුණා.

මෙතුක ගුණරත්න ලකුණු 82ක් සහ හමීඩ් අෆ්දාල් ලකුණු 67ක් රැස් කළා.

පන්දුයැවීමේදී සිතාර දෙනුවර ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නුවර කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණයි.

ඉමන්ජිත් දිසානායක ලකුණු 41ක් සහ සනිරු අනුහස් ලකුණු 38ක් රැස් කළ අතර දෙනුවන් සතිෂ් ලකුණු 20ට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 88ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *