ක්‍රිකට් පොඩ්ඩන් බංග්ලාදේශයට

බංග්ලාදේශ තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියා.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයේදී තුන්දින තරග දෙකකට සහ එක්දින තරග 3කට සහාගිවීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස්.

තුන්දින තරගාවලිය අරඹමින් පළමු තරග නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 7 වැනිදා පැවැත්වෙනවා.

දෙවන එක්දින තරගය දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්වෙන අතර තුන්වැනි එක්දින තරගය දෙසැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *