දෙවන දිනයේත් ශ්‍රී ලංකාවට පදක්කම් වැස්සක්

පිරිමි සහ කාන්තා මීටර් සියය සහාය දිවීමේ ඉසව්වල රන් පදක්කම්ද ඇතුළුව සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ පදක්කම් රැසක් තමන් සතු කරගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

ඒ අනුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 4ක්.

සිවුවැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ ඉසව් ඊයේ දෙවැනි දිනටත් ක්‍රියාත්මක වූ අතර දිනයේ පළමු ඉසව්ව වූ පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රොෂාන් රණතුංග සමත්වුණා.

ඒ තත්පර 13යි දශම 7යි 8ක දක්ෂතාවක් වාර්තාකරමින්.

—-
කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වට එක් වූ ලක්ෂිකා සුගන්ධි එම ඉසව්ව තත්පර 13යි දශම 9යි 8කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තා.
—-

මේ අතර කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට විනෝදනී ලක්මාලි සමත්වුණා.

ඇය දැක්වූ දක්ෂතාව මීටර 43යි දශම එකක්.

පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්වට එක් වූ මිලන්ත සම්පත් මීටර 49යි දශම 3යි 5ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා.

මේ අතර පිරිමි මීටර 1500 ඉසව්වේ රිදී ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාව සතු වුණා.

විනාඩි 3 යි තත්පර 55යි දශම 1යි 2ක කාලයක් වාර්තා කළ රුසිරු චතුරංග රිදී පදක්කමට හිමිකම් කි අතර, ලෝකඩ පදක්කම රොජිදීන් නිෆ්රාස් විසින් දිනාගනු ලැබුවා.

—-

මේ අතර කාන්තා මීටර 1500 ඉසව්වේන්ද රිදී පදක්කම හිමිකරගැනීමට නිමාලි ලියනාරච්චි සමත්වුණා.

ඇගේ තරග නිමි කාලය දැක්වුණේ විනාඩි 4යි තත්පර 25යි දශම 5යි දෙකක් ලෙසයි.

පිරිමි උස පැනීම ඉසව්වට එක් වූ තරිඳු දසුන් මීටර 2යි දශම එකයි 7ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදුන්නා.

—-

පිරිමි මීටර 400 ඉසව්වට එක් වූ කාලිංග කුමාරගේ සුපිරි ධාවනයක යෙදෙමින් එම ඉසව්වෙ රන් පදක්කම දිනාගත්තා.

ඒ තත්පර 46යි දශම 2යි එකක දක්ෂතාවක් දක්වමින්.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම කල්හාර ඉන්දූප දිනාගත්තා.

—-

කාන්තා මීටර 400 ඉසව්වට එක් වූ සයුරු මෙන්ඩිස් තත්පර 54යි දශම 1යි 8ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වුණා.

මේ අතර කාගේත් වැඩි අවධානයක් දිනූ මීටර 100 කාන්තා සහ පිරිමි සහාය දිවීමේ ඉසව් ඊයේ රාත්‍රිෙය් පැවැත්වුණා.

එහිදී කාන්තා මීටර 100 හතර සහය දිවීමේ ඉසව්වට එක් වූ ධනංජනා ප්‍රනාන්දු, අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක සහ ෂෆියා යමික් එම ඉසව්ව තත්පර 44යි දශම හතකින් නිම කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

මේ අතර පිරිමි මීටර සියය සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමද ශ්‍රී ලංකාව දිනාගත්තේ තත්පර 39යි දශම 9 යි 9ක තරග නිමි කාලයක් වාර්තා කරමින්.

ප්‍රමුදිත් සිල්වා, සඳුන් දියලවත්ත, ඉඳුසර විදුෂාන්, සහ චමෝද් යෝධසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *