ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඉන්දියාව හොල්ලයි

සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේ රන්චි නුවරදී ආරම්භ වුණා.

ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව රන් පදක්කම් ඇතුළුව පදක්කම් රැසක් දිනා ගැනීම සමත්වීම කැපී පෙනුනා.
සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉන්දියාවේ රන්චි හිදි ඊයේ ආරම්භ වූ අතර එහිදී පිරිමි මීටර 5000 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට වික්නරාජ් වක්ෂාන් සමත් වුණා.

ඒ් විනාඩි 14 යි තත්පර 23යි දශම 2යි ඒකක දක්ෂතාවක් වාර්තා කරමින්

මේ අතර මෙම තරගාවලියේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට පසිඳු මල්ෂාන් සමත්වුණේ පිරිමි තුන්පිම්ම ඉසව්වේදී මීටර 16යි දශම 1යි 9ක දක්ෂතාවක් වාර්තා කරමින්.

මෙහිදී මීටර 100 පිරිමි අවසන් තරගය ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට චමෝද් යෝධ සිංහ සමත්වුණා.

කාන්තා මීටර 100 අවසන් තරගයේ රන් සහ රිදී පදක්කම් දෙකම හිමි වුණේ ශ්‍රී ලංකාවටයි.

ඒහි රන් පදක්කම සෆායා යමික් දිනා ගත් අතර රිදී පදක්කම හිමි වුණේ අමාෂා ද සිල්වාටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *