ශ්‍රී ලංකා කාන්තා පිලේ බලාපොරොත්තු සුන් වෙයි

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකාව දිනා ගත් අතරඇය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

ශ්‍රී ලංක ලකුණු පුවරුව ලකුණු 21ක් තිබියදී විශ්මි ගුණරත්න ලකුණක් කරා දිව යන අවස්ථාවේදී පන්දුවක් පාදයක වැදීමෙන් ඇය ආබාධයකට ලක්වුණේ අවාසනාවන්ත අයුරින්.

විශ්මි පිටියෙන් ඉවත්වීමත් සමග චමරි අතපත්තු සමග එක් වූ හසිනි පෙරේරා ලකුණු 4කට දැවී ගියා.

චමරි අතපත්තු ලකුණු 11කට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 37ක්ව තිබියදීයි.

අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව පැය 3කට අධික කාලයක් තරගය ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

අනතුරුව එක් ඉනිමක් පන්දුවාර 20කට සීමා කරමින් යළි තරගය ආරම්භ වුණේ රාත්‍රී 9යි 10ට පමණයි.

ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 105ක් රැස් කිරීමට සමත්වුණා.

විශ්මි ගුණරත්න ලකුණු 34ක් රැස් කළා.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව හිමි වූ ඉලක්කයක ලකුණු 121ක්.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා ආරම්භ පිතිකරුවන් යුගල සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

ඒ අනුව එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යමින් දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *