මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිඩකයින් සහභාගී වන බව ඇතැම් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.
නමුත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගි වීම සඳහා අපේක්ෂාවෙන් සිටින්නේ මැතකදි ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් බවයි.
මේ වන විට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුම්ගතව ඇති ක්‍රීඩකයින් IPL හැර අන්කිසිදු ලීග් තරගාලියකට එක්වීමට අවසර හිමිවන්නේ නැහැ.
ඒ අනුව මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් LPL තරගාවලිය සඳහා එක්කර ගැනීමට අපේක්ෂා කෙරෙන LPL තරග සංවිධායකයින් අද දෙරණ කෙළිබිම ප්‍රකාශ කර තිබුණේ
වත්මන් ඉන්දී්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙවර LPL තරගාවලියට එක්වීම සඳහා සූදානමින් පසුවන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
2025 ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් පළමුවැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
LPL තරගාවලිය ගැන පැතිර යන කතාව අසත්‍යයි
