ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ දෙවන ජයත් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිය දෙවන ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙක් කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගත්තා.
ඩුබායි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය හ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට හොංකොං ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගුවා.

එම සබඳතාව බිඳ වැටුණේ සෙශාන් අලි ලකුණු 23කට දුෂ්මන්ත චමීර යැවූ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගයි.

අන්සුමන් රාත් සහ නිසාකත් ඛාන් තුන්වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනගමින් හොංකොං ඉනිම සවිමත් කළා.

පන්දුයැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත් අතර වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අන්සුමන් රාත් ලකුණු 48 ක් සහ නිසාකත් ඛාන් නොදැවී ලකුණු 52ක් රැස් කළේ හොංකොං කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්.

ඒ අනුව හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 149ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

ලකුණු 150ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ආරම්භක කඩුල්ලේ සබඳාව ලකුණු 26කට සීමා වුණා.

කුසල්මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 11කටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *