ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් ඉන්දු – පකිස්තාන තරගය ඩුබායි හීදි ඊයේ පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය උරගා බැලිමෙන් අනතුරුව සම්ප්‍රදායක් ලෙස දෙපිලේ නායකයින් අතට අතදී එකිනෙකාට ආචාර කරන නමුත් ඊයේ කාසියේ වාසියෙන් පසු එවැන්නක් දක්නට නොලැබීම විශේෂත්වයක්.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් රැස් කරගත්තා.
ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
පිටියේ පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සහ සිවම් ඩුබේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු පාකිස්තාන ක්‍රිඩකයන් සමග කිසිඳු කතාබහකින් තොරව ක්‍රීඩාංගණයෙන් පිටව යාමද කැපීපෙනුණා.
තරගයෙන් අනතුරුවද සම්ප්‍රදායක් ලෙස දෙපිලේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයද එකිනෙකා හමුවී අතට අත දී ආචාර කරන නමුත් ඊයේ තරගයෙන් පසු ඉන්දීය පුහුණුකාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයින් ඒ සඳහා ක්‍රිඩාංගණයට පැමිණියේ නැහැ.
මේ පිළිබඳව තරගයෙන් අනතුරුව ඉන්දීය නායක සුර්ය කුමාර් යාදව් මෙලෙස අදහස් පළකර සිටියා.
සූර්යකුමාර යාදව් – ඉන්දීය T20 නායක
(අපේ රජය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පවතින හොඳ සහයෝගීතාව මත ගනු ලැබූ තීරණයක් අනුවයි අපි මෙහි ආවේ. අපි ඇත්තටම ආවේ ක්‍රීඩාකරන්න. මම හිතනවා අපි ඔවුන්ට හොඳ උත්තරයක් දුන්නා කියලා. අපේ ජීවිතේ ක්‍රීඩාවේ ජීව ගුණයට ඉදිරියෙන් ඇත්තේ කරුණු කිහිපයක් පමණයි. අපි ඇත්තෙන්ම පෙහෙල්ගාම් ප්‍රහාරයේ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් පෙනී සිටින අතර ඔවුන්වෙත අපි සහෝදරත්වය පළකරනවා. අපි මේ ජයග්‍රහණය සින්ධූර් මෙහෙයුමට සම්බන්ධ වූ අපේ විරෝධාර සන්නද්ධ හමුදාව වෙත පිරිනමනවා. ඔවුන් අප වෙනුවෙන් කටයුතු කරද්දී අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකදීම ඔවුන්ව දිරිමත් කරන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා.)
