බංගලියන්ට නයි පෙන්වමින් ශ්‍රී ලංකා ආසියානු කුසලානයේ පළමු ජය ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ බංග්ලාදේශය සමග පැවැති තරගය කඩුලු 6කින් ජය ගනිමින්.

අබුඩාබිහිදි පැවැතිමෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය පළමු තරගයට පිවිසුනේ ආසියානු කුසලානයේ වත්මන් 20-20 ශූරයින් ලෙසින්.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල පළමුපන්දුවාරයේදීම දවා ගැනීමට නුවන් තුෂාර සමත්වුණා.

අනතුරුව ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර දෙවන පන්දුවාරයේදී හොසේන් එමොන් දවා ගත්තේ බංග්ලාදේශය අසරණ කරමින්.

කමිල් මිෂාරගේ සුපිරි පන්දුරැකීම හමුවේ තවත් එක් කඩුල්ලක් බිඳ වැටුණු අතර වනිඳු හසරංග ලිටන් දාස් සහ මෙහෙදි හසන්ගේ කඩුලු දවාගනිමින් බංග්ලදේශය අසීරු අඩියකට ඇද දැමුවා.

බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 5 ලකුණු 53ක් තුළ බිඳ වැටුණද ජේකර් අලි සහ සමීම් හොසේන් බංග්ලාදේශ ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

ඒ අනුව බංග්ලදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කිරීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *