ටිම් බූන්ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන්, කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස පත් කොට තිබෙනවා.

බූන් මාස හතරක කාලයක් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි. කාන්තා ලෝක කුසලානය සඳහා සූදානම් කරවීම සඳහා කාන්තා කණ්ඩායම සමඟ මොහු සමීපව කටයුතු කරනු ඇත.

ලෝක කුසලානයෙන් පසුව, ඔහු 19න් පහළ බාලිකා කණ්ඩායම සහ කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ 2026 දී ICC 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින් එම කණ්ඩායම සමගද කටයුතු කරනු ඇතැයි.

බූන්ගේ උපදේශනය අදියර දෙකකින් පැවැත්වෙන අතර පළමු වාරය අගෝස්තු 30 වන දින ආරම්භ වී 2025 නොවැම්බර් 5 වන දින දක්වා සහ දෙවන වාරය ජනවාරි 10 වන දින ආරම්භ වී 2026 මාර්තු 9 වන දිනෙන් අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *