ආසියානු කුසලාන ක්රිකට් තරගාලියට එක්වන ශ්රී ලංකා සංචිතය අද නම් කළා.
මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් කර ඇත්තේ ශාරීරික යෝග්යතාව පදනම්වයි.
මෙවර ආසියානු කුසාලන ක්රිකට් තරගාවලිය 20-20 තරගාවලියක් ලෙස සැප්තැම්බර් මස 9 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යෙය්දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර තරගාවලියට එක්වන ශ්රී ලංකා සංචිතය ඊයේ නම් කළ අතර එම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් කර ඇත්තේ ශාරීරික යෝග්යතාව මත පදනම්වයි.
චරිත් අසලංක නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත 20යි 20 සංචිතයට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්රනාන්දු,කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර , වනිඳු හසරංග , දසුන් ශානක , දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න , මහීෂ් තීක්ෂණ , දුෂාන් හේමන්ත , දුෂ්මන්ත චමීර , බිනුර ප්රනාන්දු ,නුවන් තුෂාර සහ මතීෂ පතිරණ ඇතුළත්.
මෙවර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකාව බී කාණ්ඩයෙන් තරග වදින අතර ඊට බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ හොංකොං යන කණ්ඩායම් ඇතුළත්.
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් මස 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිව අබුඩාබි හිදි පැවැත්වීමට නියමිතයි.
