හැලඹගේට කැඳවීමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.
20යි 20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළ අතර දේශීය තරගාවලියේදී දස්කම් දැක්වූ 20 හැවිරිදි නවක ක්‍රීඩක විෂේන් හළඹගේ ද මෙම සංචිතයට ඇතුළත්.

චරිත් අසලංක නායකත්වය දරණ 17 දෙනෙකුගෙන් සමන්විත 20යි 20 සංචිතයට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු,කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර , විෂේන් හළඹගේ , දසුන් ශානක , දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න , මහීෂ් තීක්ෂණ , දුෂාන් හේමන්ත , දුෂ්්‍යන්ත චමීර , බිනුර ප්‍රනාන්දු ,නුවන් තුෂාර සහ මතීෂ පතිරණ යි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට ආරම්භ වන අතර විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *