ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි

සිම්බාබ්බේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රී යේ දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලියක් සහ 20 -20 තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීෙය් දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්වල නිරත විමෙන් අනතුරුවයි.

නැට්

ශ්‍රී ලංකා එක්දින සංචිතයට චරිත් අසලංක නායකත්වය ලබාදෙන අතර මෑත කාලයේ අඛණ්ඩව දක්ෂතා අතර සිටි පවන් රත්නායකට මෙවර එක්දින සංචිතයේ ස්ථානයක් හිමිවීම විශේෂත්වයක්.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය අගෝස්තු මස 29 වැනිදා හරාරේහිදි ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සැප්තැම්බර් මස 3 වැනිදා ආරම්භ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *