රුමේෂ් තරංග යළි රන් දිනයි – නදීෂා රිදී දිනයි

දකුණු කොරියාවේ මොක්පෝහි පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද සමත්වුණා.

ඔහු සහාගි වූ හෙල්ල විසිකිරීමේ ඉසව්ව අද පවති අතර එහිදී මීටර 82යි දශම බින්දුවක් 5ක දක්ෂතාවක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගත්තා.

මේ අතර ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ අද උදෑසන එක්වුණා.

එහිදි ඇය මීටර 57 යි දශම 5 යි 3ක දක්ෂතාවක් දැක්වූයේ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින්.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ සුදුසුකම් ලැබීම කාලසීමාව අවසන්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන අවසන් ජාත්‍යන්තර තරගාවලියද මෙය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *