ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයේදී එක්දින තරග දෙකකට සහ 20-20 තරග 3කට සහභාගිවීමට නියමිත අතර ඊට එක්වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය අද නම් කළා.
යොවුන් ක්‍රීඩක පවන් රත්නායක පළමු වරට එක්දින සංචිතයට කැඳවා ඇති අතර නුවනිඳු ප්‍රනාන්දු වසරකට ආසන්න කාලයකට පසු යළි එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.
ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට පැතුම් නිස්සංක, නිෂාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුෂංක ඇතුළත්.
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය අගෝස්තු මස 29 වැනිදා හරාරේහිදි ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සැප්තැම්බර් මස 3 වැනිදා ආරම්භ වනවා.
