ශ්‍රී ලංකා පිල එක්දින ශ්‍රේණිගතකිරීම්වල 4වැනි තැනට

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඒ පාකිස්තානය අභිබවමින්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් සටහන මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම සටහනේ මීට පෙර පස්වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව එම සටහනේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මීට පෙර සිවුවැනි තැන පසු වූ පාකිස්තානය අභිබවමින්.

ශ්‍රී ලංකා පිල මෑත කාලයේදී එක්දින පිටියේදී කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර ඔවුන් අවසන් වරට සහභාගි වූ එක්දින තරගාවලි 6න් 5ක්ම ජය ගැනීම කැපී පෙනුනා.

ශ්‍රී ලංකාව අවසන් වරට බංග්ලාද්ශයට එරෙහිව සහභාගි එක්දින තරගාවලියද 2ට එකක් ලෙස ජය ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *