දේශීය ක්‍රිකට් තරග රටටම පෙන්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් සංවි­ධාන කරන දේශීය ක්‍රිකට් තර­ග­වල නිල විකා­ශන අයි­තිය තින්කි­යුබ් සිස්ටම්ස් පුද්ග­ලික සමා­ගම හිමි­ක­ර­ගත් අතර, එම සියලු තරග මුදල් ගෙවී­ම­කින් තොරව ටැලන්ට් ටීවී (Talent TV) ඔස්සේ රට­පුරා නැර­ඹීමේ අවස්ථා උදා­ක­ර­දී­මට කට­යුතු යොදා ඇත.

දේශීය පිරිමි කණ්ඩා­ය­ම්වල ක්‍රිකට් තර­ග­ව­ලට අම­ත­රව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම, නැඟී එන කණ්ඩා­යම, අවු­රුදු 19න් පහළ යොවුන් කණ්ඩා­යම, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩා­යම සහ අවු­රුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩා­යම සහ­භාගි වන සියලු තරග වැලන්ට් ටීවී (Talent TV) ඔස්සේ විකා­ශය කෙරේ. එ‍මෙන්ම ග්‍රාමීය ක්‍රිකට් සංව­ර්ධන වැඩ­ස­ට­හන්, සියලු වය­ස්වල ප්‍රේක්ෂ­ක­යන් දිරි­මත් කිරීම උදෙසා ප්‍රවෘත්ති, කතා සහ විනෝ­දා­ස්වාද ආකෘති මේ ඔස්සේ නැර­ඹිය හැක.

තින්ක්යූබ් සිස්ටම්ස් පෞද්ග­ලික සමා­ගමේ නාළි­කාව වන ටැලන්ට් ටීවී (Talent TV) නාළි­කාව ඔස්සේ මෙන්ම අන්ත­ර්ජා­ලයේ www.talenttv.lk ඔස්සේ සජීව සහ පටි­ගත කරන ලද වැඩ­ස­ට­හන් නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ද හිමි වේ.

ජාතික කණ්ඩා­යමේ සියලු ක්‍රීඩ­ක­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් මේ දින­වල ක්‍රියා­ත්මක ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය ටැලන්ට් ටීවී ඔස්සේ සජීව ලෙස විකා­ශය කර­මින් සිටින අතර එම තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ගය අනිද්දා (16) පස්වරු 1.30 සිට නැර­ඹීමේ හැකි­යාව උදා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *