ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් තුනේ ක්‍රීඩකයින් සහ එහි නායකයින් ඊයේ නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව බ්ලු කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේටත්, ග්‍රීන් කණ්ඩායමේ නායකත්වය කමිඳු මෙන්ඩිස්ට සහ ග්‍රේ කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකටත් පැවරී තිබෙනවා.
මෙම මස අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිත අතර එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් 20යි 20 ක්‍රිකට් තරගාවලියක් එළඹෙන 7 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය අගෝස්තු මස 16 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.
බ්ලු, ග්‍රීන් සහ ග්‍රේ වශයෙන් නම්කර ඇති කණ්ඩායම් තුනේ ක්‍රීඩකයින් සහ නායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව බ්ලු කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාගේට හිමි වී තිබෙනවා.
ශ්‍රීන් කණ්ඩායමේ නායකත්වය කමිඳු මෙන්ඩිස්ට පැවරෙද්දී ග්‍රෙ කණ්ඩායමේ නායකත්වය හිමි ඇත්තේ චරිත් අසලංකටයි.
තරගාවලියේ සමාරම්භක තරගයේදී බ්ලු සහ ග්‍රීන් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.
ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 4 කට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලුම ක්‍රීඩකයින් සහභාගිවන අතර ඊට අමතරව ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්න පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ද සහභාගි වෙනවා.
