මෙසී ඉන්දීය ක්‍රිකට් තරු සමග දෙසැම්බරයේ ක්‍රිකට් තරගයකට

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසී එළැඹෙන දෙසැම්බර් මසදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඉන්දී්‍ය සංචාරය අතරතුර මෙසී ක්‍රිකට් ප්‍රදර්ශනාතාමක ක්‍රිකට් තරගයකටද සහභාගිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගයට ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් වන සචීන් ටෙන්ඩුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, රෝහිත් ෂර්මා සහභාගි වීමට නියමිව තිබෙනවා.

මෙහිදී පැවැත්වෙන සත් සාමාජික ක්‍රිකට් තරගය සඳහා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසීද සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සුවිශේෂී ක්‍රිකට් තරගයක මුම්බායි නුවර පිහිටි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උත්සව කළමනාකරණ සමාගමක් මුම්බායි ක්‍රිකට් සංගමයෙන් ඉල්ලා ඇත්තේ මෙසී සහභාගි වන සත් සාමාජික ක්‍රිකට් තරගයක් සඳහා වන්කඩේ ක්‍රීඩාංගණය වෙන් කරන ලෙසයි.

දෙසැම්බර් 12 වැනිදා කොල්කටා වෙත පැමිණෙන ලියොනොල් මෙසී දින 4ක කාලයක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙසීගේ ඉන්දීය සංචාරයේදී ඔහු කොල්කටා, අහමදාබාද්, මුම්බායි සහ නව දිල්ලි නුවරදී උත්සව කිහිපයකට සහභාගිවිම නියමිත අතර ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමටද නියමිතව තිබෙනවා.

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසී එක්වන සිය දෙවන ඉන්දී්‍ය සංචාරය මෙය වන අතර ඔහු මීට පෙර 2011 වසරේදී සුහද පාපන්දු තරගයක් සඳහා ආර්ජන්ටිනා කණ්ඩායම සමග ඉන්දියාවට පැමිණ තිබුණා.

Proposed Itinerary for Lionel Messi’s India visit

December 12: Arrival in Kolkata (10pm).

December 13 (Kolkata): 9am — Meet and greet event; Statue unveiling (70-feet) at Lake Town Sribhumi, VIP Road; 12 noon to 1.30pm — GOAT Concert at Eden Gardens followed by GOAT Cup;

December 13 (, Ahmedabad – Evening): Adani Foundation private event at Shantigram

December 14 (Mumbai): Meet and greet at CCI (3.45pm); GOAT Concert at Wankhede Stadium (5.30pm).

December 15 (New Delhi): Meeting with Prime Minister Narendra Modi; GOAT Concert at Feroz Shah Kotla (2.15pm).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *