2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ඇතුළත් කර ඇති ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සාමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වනවා.
ඒ එළැඹෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීම හේතුවෙන්.
ඒ අනුව මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරිමේ හි සිටින කණ්ඩායමට එම අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේ වුවහොත් ආසියාවෙන් ඉන්දියාව, ඕෂනියාවෙන් ඔස්ට්‍රේලියාව, යුරෝපයෙන් එංගලන්තය, අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවට එම අවස්ථාව හිමිවනු ඇති.
ඉතිරි කණ්ඩායම් ද්විත්වයෙන් එකක් සත්කාරක අමෙරිකාවට හෝ කැරිබියන් දූපත්වලින් එක් රටකට හිමිවනු ඇති.
මේ හේතුවෙන් සියවසකට වැඩි කාලයකට පසු ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තරග වැදීමට ” ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය වැනි පූර්ණ සාමාජිකයින්ට අහිමි වනු ඇති බව වාර්තා වනවා.
