හයියෙන් ගහන්න පිතිකරුවන්ට සුද්දෙක්ගෙන් පුහුණුවක්

CHAMA SENARATH

ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රහාරාත්මක පිතිකරණ හැකියාව (Power Hitting Ability) ඉහළ නැංවීම සඳහා Julian Woodගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රමුඛතාව ගෙන සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එළඹෙන ජුලි 30 සිට අගෝස්තු 05 දක්වා සතියක කාලයක් ක්‍රියාත්මක වනු ඇති.

මෙහි දී Wood විසින් ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුකරුවන් සමඟ එක්ව ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට සිය ප්‍රහාරාත්මක පහර එල්ල කිරීමේ හැකියාවන් ඉහළ දමා ගැනීමට අවශ්‍ය තාක්ෂණික කරුණු මෙන්ම, ශිල්පීය ක්‍රම පිළිබඳව ද සිය අත්දැකීම් ලබා දෙනු ඇති.

Wood මීට පෙර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් සමඟ ද කටයුතු කර ඇති අතර, Gloucestershire CCC, Hampshire CCC, Middlesex CCC කණ්ඩායම් මෙන්ම, IPL තරගාවලියේ Punjab Kings කණ්ඩායම සමඟ ද සිය පුහුණු කාර්යයන් සිදු කර තිබෙනවා.

මෙම වැඩසටහන මඟින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වඩාත් හොඳින් සූදානම් කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *