ජපාන ක්‍රිකට් පිල දිවයිනට – T20 පුහුණු තරග 7ක්

ජපාන ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

ඔවුන් මෙම තරග සංචාරයේදී පුහුණු තරග සහ 20-20 තරගාවලියකට සහභාගි වීමට නියමිතයි.

මේ වන විට ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වෙමින් පවතින අතර ඔවුන් මේ වන විට ජාත්‍යන්තර 20-20 තරග සඳහාද සහභාගි වනවා.

එළැඹෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ආසියා – පැසිෆික් කලාපයීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියටද ඔවුන් සහභාගි වීමට නියමිතයි.

එම තරගාවලියට පෙර සූදානම් ලෙසයි ජපාන ක්‍රිකට් කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ.

ඊට එක්වන ජපාන ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා දිවයිනට පැමිණි අතර ඔවුන් මෙම තරග සංචාරයේදී පුහුණු තරග 7කින් යුත් 20-20 තරගාවලියට සහභාගි වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ජාපනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වයස අවුරුදු 19න් පහළ සංචිත හතරක් ලබාදීමට කටයුතු කර තිබීමද විශේෂත්වයක්.

ජපාන ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මෙම පුහූණු තරග 7න් තරග 5ක් මග්ගොනදී පැවැත්වෙන අතර තරග 2ක් කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *