සොනාල් – පවන් CCC පිල අවසන් තරගයට රැගෙන යයි

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට CCC ක්‍රීඩා සමාජය සමත්වුණා.

ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය ලකුණු 68කින් පරාජය කරමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සහ සී සී සී කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සී සී සී කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 309ක් රැස් කිරීමට සමත්වුණා.

නායක සොනාල් දිනූෂ නොදැවී ලකුණු 83ක් රැස් කළ අතර පවන් රත්නායක ලකුණු 63යි.

පන්දුයැවීමේදී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 52කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 310ක ඉලක්කයක් හඹාගිය ටැමිල් යුනියන් කණ්ඩායමට පන්දුවාර 41යි පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 241ක් පමණයි.

සිතාර හපුහින්න ලකුණු 76ක් රැස් කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 43කට කඩුලු 4ක් බිඳ හෙලුවා.

නුවන් තුෂාර සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කළ සී සී සී කණ්ඩායම මෙවර අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අවසන් මහා තරගය එළැඹෙන බදාදා සී සී සී ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ සී සී සී පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *