කෞෂාල් සිල්වා හොංකොං ක්‍රිකට් පුහුණුකරු ධුරයට

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කොට තිබෙනවා.
39 හැවිරිදි කෞෂාල් සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 39කදී ලකුණු 2099ක් රැස්කිරීමට සමත් වී ඇත්තේ ශතක 3ක්ද රැස්කරමින්.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේදී පුහුණුකරුවෙකු ලෙසින් කෞෂාල් සිල්වා කටයුතු කොට තිබෙනවා.

හොංකොං ජාතික කණ්ඩායම එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් තරග වැදීමටද නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *