වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී කොළඹ කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ක්‍රිකට් තරගාවලිය සති තුනක් පුරා පැවති අතර ඊට කණ්ඩායම් 4ක් සහභාගි වුණා.
තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායමයි.
කොළඹ එන් සී සී ක්‍රීඩාංගණයේ පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 143ක් රැස් කිරීමට සමත්වුණා.
නෙතඟි ඉසුරාන්ජලී ලකුණු 77ක් සහ රශ්මි නේත්‍රාංජලී ලකුණු 39ක් රැස් කරමින් ගාලු ඉනිම ඉනිම ඔසවා තැබුවා.
ලකුණු 144ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායමට පන්දුවාර 12ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 53ක් පමණයි.
නෙතුකි කුඩලිගම සහ ඔනලි අදීෂා ලකුණු 11 බැගින් රැස් කළ අතර ගාල්ල කණ්ඩායමේ දක්ෂ පන්දුයැවීම හමුවෙ සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
කොළඹ ඉනිම සුනු විසුනු කළ ශෙහාරා ඉඳුවරී ලකුණු 10කට කඩුලු 4ක් සහ දිනිති ප්‍රතිභාෂිනී ලකුණු 19ට කඩුලු 2ක් දවා ගත්තා.
