මැතිව්ස්ලාගේ සිහිනය බිඳවැටෙයි අෂේන්ලා අවසන් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතරයි.

තරගයේ කාසියේ වාසිය පොලිස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි කෝල්ට්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත්වුණා.

කෝල්ට්ස් පිලේ මුල් කඩුලු 6 බිඳ වැටුණේ ලකුණු 91ක් තුළයි.

ධනංජය ලක්ෂාන් ලකුණු 33ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 30කට දැවී ගියා.

ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ ලකුණු 29ක් පමණයි.

ඒ අනුව කෝල්ස් ඉනිම ලකුණු 143කට සීමා කිරීමට පොලිස් කණ්ඩායමේ පන්දු යන්නන් සමත්වුණා.

පන්දුයැවීමේදී ලකුණු 36කට කඩුලු 4ක් සහ ධනුජ ඉඳුවර ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 144ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පොලිස් ක්‍රීඩා සමාජය පන්දුවාර 35යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රහාහී සීමාව පසුකර ගියා.

නායක අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් සහ විශාද් රන්දික ලකුණු 36ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු.4ක ජයක් වාර්තා කළ පොලිස් ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මධුසංක වැනි නම් දැරූ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටි කෝල්ට්ස් කණ්ඩායම මෙහිදී පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ පරාජය විම කැපී පෙනුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *