ජඩේජා හුදකලාවෙයි – එංගලන්තය සුපිරි ජයක්

ඉන්දිය කණ්ඩායම සමග ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති 3 වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.

මෙම ජයත් සමග තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ 2ට 1ක් ලෙස එංගලන්තය පෙරමුණ හිමිකර ගත්තා.

තුන්වැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය අද අරඹන විට ලකුණු 193ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 58ක් ලබා සිටියා.

අද දිනයේද ඉන්දීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්න් තවත් කඩුලු 5ක් ලකුණු 105ක් තුළ දවා ගත්තා.

වොෂීන්ටන් සුන්දර් ලකුණු නොලබා දැවී ගිය අතර නටීෂ් කුමාර ලකුණු 13කටත්, ජස්ප්‍රිත් බුම්රා ලකුණු 5කටත් දැවී ගියේ ඉන්දීය කණ්ඩායම පරාජයක් අභියසට ඇද දමමින්.

කෙසේ වෙතත් හුදෙකලා සටනක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේදී අර්ධ ශතකයක් රැස් කළේ ඉන්දීය පිලට ජයග්‍රහණයේ බලාපරෛාත්තුවක් එක් කරමින්.

තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 30ක් අවශ්‍යව තිබූ අතර අතැතිව තිබුණේ එක් කඩුල්ලක් පමණයි.

තේ පානයෙන් පසු අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ් දැවී යාමත් සමග එංගලන්ත පිල මෙම තරගය ලකුණු 22ක තියුණු ජයක් වාර්තා.

හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 61ක් රැස් කළ අතර ඔහු සිය කණ්ඩායම ජයග්‍රහණය රැගෙන යාමට දැඩි උත්සහයක නිරත වුණා.

ඒ අනුව මෙම තරගය ලකුණු 22කින් ජය ගත් එංගලන්තය තුන්වැනි ටෙස්ට් තරගය ජය ගත්තා.

මෙම ජයත් සමග එංගලන්තය තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ 2ට 1ක් ලෙස පෙරමුණ හිමි කර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *