ඉතාලියෙන් ක්‍රිකට් පෙරළියක්

2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ඉතාලි කණ්ඩායම සමත්වුණා.

මෙලෙස ඉතාලිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ යුරෝපා කළාපයේ තේරීම් තරග යටතේ පන්දුවාර 20 ලෝක කුසලාන තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා නෙදර්ලන්තය,ඉතාලිය සහ ජර්සිය අතර තියුණු තරගයක් පැවැත්වුණා.

ඒ අනුව ඊයේ පැවැති ජර්සි රාජ්‍යය සහ ස්කොට්ලන්ත තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළ ජර්සි රාජ්‍ය ප්‍රසාද ලකුණු සටහන අනුව 2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවුණා.

නමුත් ඉතාලිය සහ නෙදර්ලන්තය අතර තරගයේ ප්‍රතිපළය ජර්සි රාජ්‍යයට වැදගත් වුණා

ඉතාලිය සහ නෙදර්ලන්ත තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉතාලිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 134ක් රැස්කළා.

නෙදර්ලන්තය පන්දුවාර 16 යි පන්දු 2කදී එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත්වුණාා.

ඒ අනුව 2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සහ නෙදර්ලන්තය සමත්වුණේ ජර්සි රාජ්‍ය යේ බලාපොරොත්තු අවසන් කරමින්.

නෙදර්ලන්තය 2014 වසරේ සිට අඛන්ඩව 6 වතාවක් පන්දුවාර 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගෙන තිබීම විශේෂත්වයක්ත

ඒ අනුව අවස්ථා කිහිපයකදීම ලෝක කුසලානය තරගාවලිය නියෝජනය කළ ස්කොට්ලන්තයට 2026 පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට තිබු අවස්ථාව අහිමිව ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *