දසුන් සහ චාමික 20-20 සංචිතයට කැඳවයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබීම විශේෂත්වයක්.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *