ශ්‍රී ලංකා A කණ්ඩායම කැන්ගරු දේශයට | VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම ඊයේ රාත්‍රීයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

එහිදි ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා A කණ්ඩායම අතර එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ජුලි 4 වැනිදා සිට ඔස්ට්‍රේලියා A කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සහභාගී වීම සඳහ ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනෙයේදී පැවති ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා A කණ්ඩායම අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලිය ජුලි 4,6 සහ 9 යන තෙදින තුළදි පැවැත්වීමට නියමිතයි.

සිව්දින තරගාවලියේ පළමු තරගය ජුලි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙනවා.

දෙවැනි තරගය ජුලි 20 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙහිදි පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහෙයවීමේ වගකීම
ලහිරු උදාරට හිමිව තිබෙනවා.

සිව්දින කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ පසිඳු සූරිය බණ්ඩාරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *