කොළඹ උතුර ක්‍රීඩ­කයෝ යුත් ලීග් ක්‍රිකට් ශූර­තාව දිනති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් යොවුන් ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් සංවි­ධාන කළ අවු­රුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට චාමික හීන­ටි­ග­ලගේ නාය­ක­ත්ව­යෙන් යුත් කොළඹ උතුර කණ්ඩා­යම සමත් විය.

අනු­රා­ධ­පුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ ඊයේ පැවති තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේදී කොළඹ උතුරු පිල හමුවේ කොළඹ දකුණ පිල කඩුලු 5කින් පරා­ජ­යට පත්විය. ජය­ග්‍රාහී කොළඹ උතුර කණ්ඩා­යම කුස­ලා­නය සමඟ රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් හිමිවූ අතර, අනු­ශූ­ර­යන්ට රුපි­යල් ලක්ෂ 3ක මුද­ලක් පිරි­නැ­මිණි. කොළඹ උතුර පිල පසු­ගිය තර­ගා­ව­ලි­යේත් ශූර­යන් වූ අතර, එව­රත් අනු­ශූ­ර­යන් වූයේ කොළඹ දකුණ පිලයි.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් කොළඹ දකුණ පිල කඩුලු 9ක් දැවී ලකුණු 232ක් රැස් කළ අතර, එම ඉල­ක්කය ඕව්ර 40.5කදී සපුරා ගැනී­මට කොළඹ උතුරු ක්‍රීඩ­කයෝ සමත් වූයේ කඩුලු 5ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

දුල්නිත් සිගේරා සහ අවීෂ සමාෂ් පළමු කඩු­ල්ලට පන්දු 104කින් ලකුණු 114ක සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟ­මින් සාර්ථක ආර­ම්භ­යක් දුන් අතර, පන්දු 60කදී හතරේ පහර 11ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 68ක් රැස් කළ දුල්නිත් දැවී­යෑ­මෙන් සබ­ඳ­තාව නිමා විය. සමාෂ් ලකුණු 45ක් රැස් කළ අතර, සෙනුජ වැකු­ණ­ගොඩ ලකුණු 41ක් ඉනි­මට එක් කළේය. පන්දු යැවී­මේදී දහම් නිර්මාල් කඩුලු 3ක් දවා ගත්තේය.

සුව­හස් ප්‍රනාන්දු (80) සහ රෙහාන් පීරිස් (53) පළ­මුව පන්දු­වට පහර දුන් කොළඹ දකුණ පිල වෙනු­වෙන් අර්ධ ශතක රැස් කළ අතර, පන්දු යැවී­මේදී පූර්ණ කල්හාර සහ මානස මදු­භා­ෂණ කඩුලු 2 බැගින් දවා ගත්හ.

කොළඹ උතුර කණ්ඩා­යමේ නායක චාමික හීන­ටි­ගල තර­ගා­ව­ලියේ වීරයා ලෙස සම්මාන දිනා­ගත් අතර, තර­ගා­ව­ලියේ දක්ෂ­තම පිති­කරු ලෙස දිමන්ත මහ­වි­තාන (මහ­නු­වර), දක්ෂ­තම පන්දු යවන්නා ලෙස සුමේධ ප්‍රසාද් (මහ­නු­වර) සහ අව­සන් තර­ගයේ වීරයා ලෙස දුල්නිත් සිගේරා (කොළඹ උතුර) සම්මාන දිනා ගත්හ.

කොළඹ දකුණ – 232/9 (ඕවර 50) සුව­හස් ප්‍රනාන්දු 80, රෙහාන් පීරිස් 53, හිරුන් මතීෂ 22 (පූර්ණ කල්හාර 27/2, මානස මදු­භා­ෂණ 35/2)

කොළඹ උතුර – 233/5 (ඕවර 40.5) දුල්නිත් සිගේරා 68, අවීෂ සමාෂ් 45, සෙනුජ වැකු­ණ­ගොඩ 41, චාමික හීන­ටි­ගල 29 (දහම් නිර්මාල් 73/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *