උපාලි සහ රණතුංගලාට ඇපත් නැති කළ ශම්මිලා VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට ශම්මි සිල්වා මහතා යළිත් වරක් නිතරගයෙන් තේරී පත්වුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 දෙවර්ෂය සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති නිලවරණයේදී.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා ශම්මි සිල්වා , ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන් නාමයෝජනා භාරදී තිබුණා.

කෙසේවෙතත් අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහ සභා රැස්වීමේදී නිතරගයෙන් 2025 – 2027 කාල වකවානුව සඳහා වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා තේරී පත්වුණා.

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුණේ අඛණ්ඩව සිව්වැනි වතාවටයි.

මේ අතර ඉදිරි වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලද අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහ සභා රැස්වීමේදී නිතරගයෙන් තෝරා පත්කර ගනු ලැබුවා.

ඒ අනුව නව උප සභාපතිවරුන් ලෙස ආචාර්යය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් තේරීපත් වුණා.

නව ලේකම්ලෙස බන්දුල දිසානායක මහතාත් නව භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩැලියැද්ද මහතාත් පත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත මහතාත් නව උප භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාත් තෝරා පත්කර ගැනුණා.

මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා ප්‍රතිවාදී පාර්ශ්වය වන රණතුංග පාර්ශ්වයෙන් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමද කැපී පෙ

2025-2027 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තේරී පත්වුණු නව නිලධාරී මඩුල්ල අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිය රාජකාරී භාරගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *