ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පිහිටි ඓතිහාසික ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බ්‍රිස්බේන් හිදි පැවැත්වීමට නියමිත 2032 ඔලිම්පික් ක්‍රීඩා උලෙලෙන් පසුවයි.
1895 වසරේදී ඉදිකෙරුනු බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් තරගය 1931 වසරේදී පැවති අතර මේ දක්වා එම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 67ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමද ගැබා ක්‍රීඩාංගණයේදී ටෙස්ට තරග 14කට, එක්දින තරග 3කට සහ 20-20 තරග දෙකකට ක්‍රීඩාකර තිබෙනවා.
බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන 2032 ඔලිම්පික් ක්‍රීඩා උලෙන් පසුව ගැබා ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට කටයුතු කරන බවයි ක්වීන්ස්ලන්ඩ් රජය නිවේදනය කළේ.
කඩා ඉවත් කරන ගැබා ක්‍රීඩාංගණය වෙනුවට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රේක්ෂකයින් හැටතුන් දහසකට තරග නැරඹිය හැකි නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
2032 ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ සමාරම්භක උත්සවය සහ සමාප්ති උත්සවය මෙන්ම මලල ක්‍රීඩා තරගද ඒම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇති අතර බොහෝ විට 2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙලටද ක්‍රිකට් ඇතූළත් කෙරෙනු ඇති.
එසේ වුවහොත් එම ඔලිමිපික් ක්‍රීඩා උලෙලේ ක්‍රිකට් තරග ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.
2032 වසර දක්වා සුපුරුදු පරිදි ගැබා ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිත නමුත් ඉන් අනතුරුව සියලු ක්‍රිකට් තරග ඉදිරියේදී ඉදිකෙරෙන නව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව 2032 වසරෙන් පසුව ගබා ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට නියමිත අතර ඒම ස්ථානයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිතයි.
ඉදිකිරීමට නියමිත නව ක්‍රීඩාංගණය සඳහා වැය කිරිමට අපේක්ෂිත මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3.8ක් වන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 712ක්.
මහනුවර කණ්ඩායමට තවත් සුපිරි ජයක්
