ශම්මි සිල්වා ICC කමිටු 3කට පත් කෙරේ | VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගෙයන් පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා.

ඒ ඊයේ පැවති එම කවුන්සිලයේ රැස්වීමකදීයි.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සිව්වැනි වරටත් සභාපති ධුරයට නිතරගෙයන් තේරීපත්වුණා.

ඒ 2025 – 2027 වසර දෙකක කාලයක් සඳහායි.

අඛණ්ඩව සිවුවැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත්වී දිනකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ මහතාව කමිටු 3ක් සඳහා පත් කරනු ලැබුවා.

ඒ අනුව ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව සහ නාමයෝජනා කමිටුව සඳහා පත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයාද වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *