බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් අද පැවති ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර
හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
ඔහු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මොහොමදන් ක්‍රීඩා සමාජය සහ ෂයින්පුකුර් ක්‍රීඩා සමාජය අතර තරගයක් අද බංග්ලදේශයේ සේවර් හිදි පැවැත්වුණා.
එහිදී මොහොමදන් කණ්ඩායමේ නායකත්වය දැරුවේ හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක 36 හැවිරිදි තමීම් ඉක්බාල්.
ඔහු තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේ දර්ශනයි මේ.
මොහොමදන් කණ්ඩායමේ පුහුණුකරු සඳහන් කර තිබෙන්නේ කායේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයට ගිය තමීම් ඉක්බාල් හදිසියේ ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහුගේ මෝටර් රථයෙන්ම රෝහල වෙත ගිය බවයි.
ඔහු රුධිර පරීක්ෂණයකින් අනතුරුව නැවතත් ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේ යළි ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහුව නැවතත් රෝහලවෙත රැගෙන ගොස් තිබෙනවා.
තමීම්ව රෝහල්ගත කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක්ද ගෙන්වා ඇති නමුත් ඔහුගේ තත්වය බරපතල වීම හේතුවෙන් ගිලන් රථයකින් ඔහුව ළඟම පිහිටි රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තමීම්ව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතූළත් කළ අවස්ථවේ දර්ශන බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයි මේ.
බංග්ලදේශ මාධ්‍ය වාර්තාවලට අනුව තමීම් ඉක්බාල්ට ක්‍රීඩාංගණයේදී තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටිනවා.
තමීම්ව ඇතුළත් කළ KPJ වෛද්‍යවරු අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර තිබෙන්නේ තමීම් ඉක්බාල්ට හෘදයාබාධ දෙකක් ඇති වී ඇති අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු මේවන විට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි
