චමීරට ICCයේ අනුමැතිය

ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට අයි.සී.සී තාක්ෂණීක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ලහිරු කුමාර මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමටටයි සිදුව ඇත්තේ.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආබාධයක් හේතුවෙන් ආදේශ කළ තුන්වැනි ක්‍රීඩකයා වන්නේද දුෂ්මන්ත චමීරයි.

මීට පෙර දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්නත්, මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට අයි.සී.සී. තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *