ලහිරු කුමාර යළි ආබාධයකට

BRISBANE, AUSTRALIA - NOVEMBER 01: Lahiru Kumara of Sri Lanka celebrates after taking the wicket of Rahmanullah Gurbaz of Afghanistan during the ICC Men's T20 World Cup match between Afghanistan and Sri Lanka at The Gabba on November 01, 2022 in Brisbane, Australia. (Photo by Chris Hyde-ICC/ICC via Getty Images)

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර යළි ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගයට ලහිරු කුමාර ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා.

ඔහු එංගලන්තය සමග පැවති තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර තරගයේ වීරයා සම්මානය හිමි වුණේද ඔහුටයි.

කෙසේ වෙතත් ලහිරු කුමාර වෙනුවට හෙට තරගයට කැදවන ක්‍රීඩකයා කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.

එමෙන්ම ඇෆ්ගනිස්තානය සමග හෙට පැවැත්වෙන තරගයට කුසල් ජනිත් වෙනුවට දිමුත් කරුණාරත්න කැදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *