ක්‍රිකට් ක්‍රීඩක අෂේන් බණ්ඩාර පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ උපසේවා පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ක්‍රියා කරන , පිලියන්දල කොළමුන්න ප්‍රදේශයේ පදිංචි නදීර අශේන් බණ්ඩාර නම් පුද්ගලයෙකු තවත් අයෙකුගේ   නිවසකට ඇතුළුවී පහර දීමක් සම්බන්ධව ඊයේ 25.03.08 දින රාත්‍රී 7.35ට පමණ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අශේන් බණ්ඩාර නම් සැකකරු කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද ක්‍රීඩා කර ඇත.

සැකකරුගේ නිවසට යාබද පදිංචි පවිත්‍ර චිංතක නම් යන අය සමඟ , මාර්ගය අවහිර වන පරිදි අශේන් බණ්ඩාර ගේ මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.

සැකකරු පොළීස් ඇප මත මුදා හැර ඇති අතර ලබන 12දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *