ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගයට විශේෂ ආරක්ෂාවක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය හෙට පූනේහි මහාරාෂ්ඨ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමතව තිබෙනවා.

එවන් පසුබිමක එම තරගය වෙනුවෙන් අදාළ ක්‍රීඩාංගණයේ විශේෂ ආරක්ෂක සැලසුමක් මෙන්ම නරඹන්නන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැළසීමේ විශේෂ ක්‍රමවේදයක් සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව වාර්තා වන අන්දමට පසුගියාදා නිමා වූ ඉන්දියා – බංග්ලාදේශ තරගය අතරතුර ප්‍රෙක්ෂකයින් සහ මාධ්‍ය වාර්තාකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණේ මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ඊට නිසි සැළසුම් සහගත ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබීම හේතුවෙන්.

එහිදී ඉන්දීය මාධ්‍යන්හි සහ සමාජ මාධ්‍යන්හි අදළ කරුණ පිළිබදව දඩි දෝශාරෝපනයක් එල්ලවී තිබීමෙන් අනතුරුව මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් බලධාරීන්, ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය සදහා විශේෂ ආරක්ෂක සැළසුමක් මෙන්ම පහසුකම් සැපැයීමේ ක්‍රමවේදයක් සකස් කර තිබීමද කැපී පෙනෙන සිදුවීමක්.

එසේම මෙම ක්‍රියාවලිය යටතේ තරග නරඹන්නන් වෙනුවෙන් ප්‍රමාණවත් ජංගම වැසිකිළි පහසුකම් මෙන්ම ජල පහසුකම් සැපැයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *