තායිලන්තයේ පැවති කරාතේ කුසලාන තරගාවලියේදී රන් පදක්කම් 32ක් ඇතුළුව පදක්කම් 77ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ජයග්‍රහණ ලැබූ පාසල් කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉකුත්දා දිවයිනට පැමිණියා.
05 වැනි තායිලන්ත කරාතේ කුසලාන තරගාවලිය බැංකොක් නුවර පැවැති අතර ඊට රටවල් 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික සංඛ්‍යාවක් සහභාගි වුණා.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් 77ක් දිනා ගැනීමට සමත්වූ අතර ජයග්‍රහණ ලැබූ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායකදි හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.
මෙම තරගාවලියට මෙරට පාසල් 30ක කරාතේ ක්‍රීඩකයින් 19 දෙනෙකු සහ ක්‍රීඩකාවන් 17 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන් එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.
ඒ රන් පදක්කම් 32 ක් , රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමින්.
