ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අනිද්දා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
දිමුත් කරුණාරත්න සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.
අනිද්දා ඇරඹෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය 36 හැවිරිදි දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගයයි.
මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 99කට ක්‍රිඩාකර ඇති දිමුත් ටෙස්ට් ලකුණු 7172ක් රැස්කර කර ඇත්තේ ශතක 16ක් සමගින්.
වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ සිවුවන ශ්‍රී ලාංකික පිතිකරු වන දිමුත් කරුණාරත්න 2019 සිට 2023 දක්වා ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදී තිබෙනවා.
ලෝක ටෙස්ට් කණ්ඩායමට තුන්වරක් ඇතුළත් වූ ලොව එකම ආරම්භක පිතිකරුවා වන්නේද දිමුත් කරුණාරත්නයි.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් ආරම්භක පිතිකරුවා ලෙස සැලකෙන දිමුත් කරුණාරත්න පෙබරවාරි 6වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් පිටියෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා.
දෙවන ටෙස්ට් තරගය ආරම්භයට පෙර හෙට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දිමුත් සිය සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
