ස්මිත් සහ කේරි ගාල්ල හොල්ලයි

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

දෙවන දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා සිටියේ ලකුණු 73ක් ඉදිරියෙන් සිටිමින්.

ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වූයේ සියලුදෙනා දැවී ලකුණු 257ක් ලෙසයි.

අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 229ක්.

ලහිරු කුමාර සමග එක්වූ කුසල් මෙන්ඩිස් අද දිනයේ අවසන් කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 28ක් එක්කිරීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වූයේ සියලුදෙනා දැවී ලකුණු 257ක් ලෙසයි.

එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85ක් රැස්කළා.

සිය පළමු ඉනිම අරඹමින් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා පිලේ මුල් කඩුලු 3 ලකුණු 91ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

අනතුරුව පිටියේ වූ නායක ස්ටීව් ස්මිත් සහ ඇලෙක්ස් කේරි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙහෙසට පත් කරමින් නොබිඳුනු ලකුණු 239ක සබඳතාවක් ගොඩනැගුවේ ශතක වාර්තා කරමින්.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට දෙවන දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා සිටි අතර ඔවුන් මේ වන විට ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 73ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *