ජාත්‍යන්තර ලීග් 20-20 තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජයේ පැවැත්වෙන අතර ඊට චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක එක්ව සිටියා.
කෙසේ වෙතත් එම ගිවිසුම අතහැර දමමින් ඔවුන් තිදෙනාම දිවයිනට කැඳවීමටයි SSC ක්‍රීඩා සමාජයේ කළමනාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.
ඒ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන SSC කණ්ඩායම පහළ ස්ථරය දක්වා ඇද වැටීමේ අවදානමෙන් ගලවා ගැනීම සඳහායි.
මේ වන විට තරග 5ක් ක්‍රීඩා කර ඇති SSC කණ්ඩායම බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි.
තවත් තරග 3ක් SSC කණ්ඩායමට තිබෙන අතර එම තරගද පරාජයට පත්වුවවහොත් ඔවුන් මීළඟ තරගවාරයේදී පහළ ස්ථරය දක්වා පහතට ඇද වැටීමේ අවදානමක් මතුව පවතිනවා.
මෙම තත්වයෙන් ගැලවීම සඳහායි චරිත අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක ඒක්සත් අරාබි ඒමීර් රාජයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20-20 තරගාවලිය අතහැර යළි දිවයිනට පැමිණ තුන්දින ක්‍රිකට් තරගාවලිය ත්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.
ඒ් අනුව ඉදිරි තරගවලදී ඔවුන් තිදෙනාම SSC කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
