ක්‍රිකට් ආයතනයට අපහාස කළ සංජීවට වැඩ වරදියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සහ එහි කාර්ය මණ්ඩලයට අපහාසාත්මක වන ආකාරයෙන් කරුණු දක්වමින් දූෂිතයින් ලෙස සමාජගත කිරීමට උත්සාහ කළ බවට සංජීව මහවත්තට එරෙහිව පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහධිකරණය අද සිය තීන්දුව ලබා දෙනු ලැබුවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා විසින්.

එහිදි කොළම මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර සිටියේ සංජීව මහවත්ත සාධාරණ මත පළ කිරිමක් හෝ මත පල කිරීම මහජන යහපත උදෙසා සිඳුකරන ලද බවට වන කරුණු සනාථ කිරීමේ වගකීම විත්තිකරුවෙත පැවතුණ ද, ඔහු එය ඉටු කිරීමට අපොහොසත් වු බවයි.

එම නිසා පැමිණිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉල්ලා සිටි රුපියල් මිලියන 500 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ලේ ඉල්ලීමට එකඟ වෙමින් විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙන ලදී

තවද කොළඹ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා පවසා සිටියේ ඉදිරිපත් කරන ලද කරුණුවල නිවැරදිතාවය පැහැදිලි කිරීමක් විත්තිකරු විසින් සිඳු කර නොමැති බවයි.

ඒ අනුව විනිසුරුවරයා එම නිවැරදිතාවය මෙන්ම මහජන යහපත උදෙසා කරන ලද බවට සනාත කිරීමක් ගම්‍ය නොවුණු නිසා ද සිය තීරණයට එළැඹීම සඳහා විත්තිකරු විසින් කරන ලද පැමිණිළි පැමිණිකරුට හානි කිරීමේ චේතනාවෙන් කරන ලද බවට ද නිගමනය කරනු ලබන බවද පවසා සිටියා.

ලබාදුන් නඩු තින්දුව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *