ඉදිරි වසර 3ට අදාළ ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන දින වකවානු IPL තරග සංවිධායකයින් විසින් ඊයේ නිවේදනය කළා.
ඒ් තරගාවලියට එක්වන කණ්ඩායම් වෙත ඊමේල් පණිවුඩ නිකුත් කරමින්.
ඉන්දියන් ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වසර 3ට අදාළ තරගාවලි පැවැත්වෙන කාලවකවානු IPL තරග සංවිධායකයින් ඉකුත්දා නිවේදනය කළා.
IPL තරග සංවිධායකයින් තරගාවලියේ අදියර තුනක දින වකවානු එකවර නිවේදනය කළ පළමු අවස්ථාව මෙය වනවා.
ඒ් අනුව 2025 IPL තරගාවලිය මාර්තු මස 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
2026 වසරේ පැවැත්වෙන IPL තරගාවලිය මාර්තු 15 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා පැවැත්වෙනවා.
2027 වසරේ පැවැත්වෙන තරගාවලිය මාර්තු 14 වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
පසුගිය තරගාවලි තුනේදී මෙන්ම 2025 තරගාවලිය සඳහා තරග 74ක් ඇතුළත් වනවා.
කෙසේ වෙතත් IPL තරග සංවිධායකයින් 2022 වසරේදී නිවේදනය කර තිබුණේ 2025 තරගාවලිය සඳහා තරග 84ක් පැවැත්වීමටයි.
2026 වසරේ පැවැත්වෙන අදියර සඳහා තරග 84ක් ඇතුළත් කරන බවටත්, 2027 තරගාවලිය සඳහා උපරිම වශයෙන් තරග 94ක් ඇතුළත් කරන බවටත් IPL තරග සංවිධායකයින් මීට පෙර නිවේදනය කර තිබුණා.
