නවසීලනත කණ්ඩායම සමග හෙට ආරම්භ වන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ආබාධයකට ලක් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය හෙට දඹුල්ලේදී පැවැත්වෙනවා.
තරගාවලියේ දෙවන සහ තුන්වන එක්දින තරග පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතයි.
අවසන් විස්සයි විස්ස තරගය අතුරතුදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට හෙටින් ආරම්භවන එක්දින තරගාවලිය අහිමි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවූ බවයි එහි සඳහන් වන්නේ.
මේ අතර ආබාධයක් හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකි ෆර්ගසන්ටද එක්දින තරගාවලිය අහිමිවන අතර ඒ වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ ඇඩම් මිල්න්.
