වසර 11කට පසුව නවසීලන්තයට එරෙහිව 20යි 20 තරගාවලි ජයක පහස විඳ ගැනීමට තිබු අවස්ථාව ඊයේ රාතියේදී ශ්‍රී ලංකාව අතින් ගිලිහි ගියා.
ඒ දෙරට අතර පැවති දෙවැනි සහ අවසන් 20යි 20 තරගය ශ්‍රී ලංකාව ලකුණු 5කින් අවසනාවන්ත ලෙස පරාජය වීමත් සමඟයි.
අවසන් 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 108කට සීමාවුණා
සුපිරි පන්දු යැවීමක නිරත වු වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙලුවා.
මීට අමතරව මතීෂ පතිරණ කඩුලු 3ක් සහ නුවන් තුෂාර කඩුලු 2ක් දවා ගත්තා.
ලකුණු 109ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අභියෝගය හමුවේ එම ඉලක්කය හඹායම එතරම් පහසු කටයුත්තක් වූයේ නැහැ.
එක් අන්තයකින් කඩුළු එකින් එක බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තරගය අවසන් පන්දුවාරය දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී සීමාව දක්වා රැගෙන යාමට උත්සාහ කළා.
එහිදි ඊයේ තරගය සඳහා නවසීලන්ත කණ්ඩායමට කැඳවා තිබු ලොකී ෆර්ගසන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේ ශ්‍රී ලංකාව සතුව තිබු ජයග්‍රහණය නවසීලන්තය දෙසට හරවා ගනිමින්.
අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාව කඩුලු 3ක් අතැතිව ජයග්‍රහනය සඳහා රැස් කරගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 8ක්.
ග්ලෙන් පිලිප්ස් යැවූ අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවට ලකුණු 52ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින්.
අනතුරුව අවසන් පන්දුවාරයේ 3වන පන්දුවට මතීෂ පතිරණ දැවීගිය අතර නවසීලන්තයට ලකුණු 5ක ජයක් හිමිකර දෙමින් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මහීෂ් තීක්ෂණ පස්වන පන්දුවේදී දැවීගියා.
ඒ අනුව දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත තරගාවලිය 1ට 1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
කට් – චරිත් අසලංක – නායක – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
