දකුණු අප්‍රිකා පිලේ හිටපු පිතිකරුවෙකු වූ නීල් මැකෙන්සි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කෙටි කාලයක් සඳහා පත්කර තිබෙනවා.
ඒ් අනුව දකුණු අප්‍රිකාවට ඒරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඔහු සමග පුහුණු සැසියකට එක්වීමට නියමිතයි.
එම පුහුණු කඳවුරට ඒක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස දෙනෙකු ඊයේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙම ක්‍රීඩකයින් නීල් මැකෙන්සි සමග නොවැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා පුහුණු සැසි සඳහා එක්වනු ඇති.
මෙම පුහුණු සැසිය සඳහා ඊයේ දකුණු අප්‍රිකා බලා පිටත්ව ගියේ නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, නිෂාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය යන ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින්

