සිංහ – කිවි ප්‍රවේශපත්‍ර ගන්න මේ විදිහට කරන්න

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන Srilankacricket.lk යන අන්තර්ජාලය යොමුව ඔස්සේ පළමුව එම අළෙවි කිරීම ආරම්භ වන අතර අනතුරුව නොවැම්බර් මස 07 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථාන පරිශ්‍රය හෙවත් කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටුවා ඇති ප්‍රෙව්ශපත්‍ර කවුලුවෙන් මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 තරග 2 ප්‍රෙව්ශපත්‍ර එම ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව යාබදව පිහිටුවන ලද ප්‍ර වේශපත්‍ර කවුලුවෙන් මිලදී ගත හැක. මෙහිදී තරග පැවැත්වෙන දින වලදී එම කවුලුව පෙ.ව. 9 සිට ප.ව. 8 දක්වා විවෘතව තැබෙන අතර තරග නොමැති දින වලදී පෙ.ව. 9.00 සිට පස්වරු 5.00 වන තෙක් අලෙවිය සිදුකෙරෙනු ඇත.

දඹුල්ලේ පැවැත්වෙන තරගවලින් අනතුරුව මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග සදහා වන ප්‍රවේශපත්‍ර නොවැම්බර් මස 15 වැනි දින ආරම්භ කරන අතර, තරග පැවැත්වෙන දින වලදී පෙර පරිදිම පල්ලේකැලේ ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටා ඇති අභීත ක්‍රීඩාංගණයේදී පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.30 දක්වා ප්‍රවේශපත්‍ර අලෙවිය සිදුකෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *