සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩයම අද සමත්වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.
තරග 3කින් සමන්විත ඔස්ට්‍රේලියා – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය පැවැත්වුණේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත්වුණා.
ඒ පාකිස්තාන මුල් කඩුලු 6 ලකුණු 117ක් තුළ දවා ගනිමින්.
නැට්
පන්දුයැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් සහ පැට් කමින්ස් සහ ඇඩම් සැම්පා කඩුලු 2 බැගින් දවා ගත්තා.
කෙසේ වෙතත් නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 44ක් සහ නසීම් ෂා ලකුණු 40ක් රැස් කරමින් පාකිස්තාන ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියා.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4කදි සියලු දෙනා දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමටද එම ඉලක්කය හඹා යාම පහසු වූයේ නැහැ.
ඔවුන්ගේ මුල් කඩුලු 2 ලකුණු 28ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.
ඔස්ට්‍රේලියාව එක් අවස්ථාව කඩුණු 4ක් දැවී ලකුණු 139ක් ලබා සාර්ථක හඹා යාමක නිරතව සිටි අතර 21වැනි පන්දුවාර ක්‍රියාත්මක කළ හැරිස් රාවුෆ්, මානස් ලැබුශේන් සහ ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුලු දවා ගනිමින් යළිත් ඔස්ට්‍රේලියාව දෙසට පීඩනය එල්ල කළා.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් පළමු එක්දින තරගය ජය ගත්තා.
ඔස්ට්‍රේලියා පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය පැට් කමින්ස් නොදැවී ලකුණු 32ක් රැස් කළා.
මෙම ජයත් සමග ඔස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ හිමිකර ගත්තා.
